Local

දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට අදාළ තිදෙනෙකු අත්අඩංගුවට!

12 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාවකට අදාළව තරුණයෙකු සහ විවාහක යුවලක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති 19 හැවිරිදි වියේ පසුවන තරුණයා වස්කඩුව නුගගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අඹුසැමි යුවල බණ්ඩාරගම ගල්තුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත.

ගුරුවරියක් විසින් පසුගියදිනක එම දැරිය පාසල වෙත නොපැමිණි බවට දැරියගේ මවට දැනුම්දී තිබේ. ඒ අනුව දැරියගේ මව විසින් දැරිය සන්තකයේ තිබූ දුරකථනය වෙත ඇමතුමක් ගෙන කළ විමසීමකදී පවසා ඇත්තේ තමන් මිතුරෙකුගේ නිවසේ සිටින බවය.

අනතුරුව තමන් බණ්ඩාරගම බස් නැවතුම්පොළේ සිටින බවට දැරිය විසින් මවට දුන් ඇමතුමකට අනුව ඇයගේ මව එහි ගොස් දැරියද රැගෙන පොලිස් බණ්ඩාරගම ස්ථානය වෙත ගොස් තිබේ.

දින කිහිපයකට පෙර දන්සලක් අසළදී තරුණයෙකු මුණගැසුණු බවත් පසුව ඔහු හා තමන් ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගත් බවත් ඔහුගේ ආරාධනයකට අනුව ඔහු හමුවීමට ගිය බවත් එහිදී දැරිය පොලීසියට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත.

වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අනතුරුව දැරිය රැගෙන සැකකාර තරුණයා ඔහුගේ ඥාතීන් වන යුවලකගේ නිවස වෙත ගොස් ඇති බවය.

එහිදී පොලීසිය එම නිවස වෙත ගොස් අදාළ යුවල අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලට අනුව දැරිය රවටා අපයෝජනය කළ බවට අනාවරණය වී ඇත.

ඒ අනුව දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පානදුර කේතුමතී කාන්තා රෝහල වෙත ඇතුළත් කර තිබේ.

බණ්ඩාරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago