කටුනායක ගුවන් තොටුපොළේ සිට කොරියාව බලා ගුවන් ගතවීමට ගුවන් ගතවීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් පැය දහයක් ප්‍රමාද වීම මත මෙරට තරුණයන් 48 දෙනකුට කොරියානු රැකියා අහිමිවීමේ අවදානමක් ඇතිව තිබේ.
එම තරුණයන් 48 දෙනා ඊයේ රාත්‍රියේ කොරියාව බලා පිටත්ව යාමට නියමිතව තිබූ නමුත් ඔවුන් පිටත්ව යාමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානය රාත්‍රී 8.00 ට නියමිත පරිදි පිටත්ව යාමට නොහැකි වූයේ කාර්මික දෝෂයක් හේතුවෙනි.
පැය 10කට පසුව එම යානය අද පෙරවරු හයට කොරියාව බලා පිටත්ව ගොස් තිබේ. එම තත්ත්වය මත කොරියාවේ විදේශ සේවා කාර්යංශය දන්වා ඇත්තේ එම තරුණයන් පිරිස කොරියාව භාරගත නොහැකි බවයි.
පැය 10ක ප්‍රමාදය නිසා එම තරුණයන් භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බවද කොරියානු බලධාරීන් දන්වා තිබේ.
මේ හේතුවෙන් කොරියාව බලා යාමට පැමිණි එම තරුණයන් පිරිස 48 දෙනා ආපසු තම නිවෙස් වලට ගොස් ඇතැයිද වාර්තා වෙයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…