Local

නුගේගොඩ ප්‍රසිද්ධ පාසැලක දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කරලා !

තරුණයන් තිදෙනෙකු ගෙන් වරින් වර බරපතළ ලිංගික අපයෝජනයට ලක් වූ නුගේගොඩ ප්‍රසිද්ධ පාසැලක13 හැවිරිදි දැරියක් රෝහල් ගතකර ඇතැයි කිරුලපන පොලීසිය කියයි.

එම අපරාධය සම්බන්ධයෙන් කිරුළපන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 හා 21 තරුණයන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

2022 වසරේ සැප්තැම්බර් මාසයේදී දැරිය පදිංචි නිවෙස ආසන්නයේ පැවැති අවමඟුල් උත්සවයකදී 23 හැවිරිදි තරුණයෙකු සමග පෙම් සබදතාවයක් හටගෙන තිබූ බව පොලිසිය කියයි.

අනතුරුව එම පුද්ගලයා විසින් දැරියව දෙහිවල ප්‍රදේශයේ මුහුදු වෙරළට රැගෙන ගොස් පැය කිහිපයක් ගත කිරීමෙන් අනතුරුව හෝටල් කාමරයකට රැගෙන ගොස් ලිංගික අතවර කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරුව දැරිය පදිංචි නිවස ආසන්නයේ සිටින මිතුරියකගේ සහෝදරයකු වන 21 හැවිරිදි තරුණයකු දැරිය සමග සබදතාවයක් ඇති කර ගෙන තිබූ අතර දැරියගේ නිවසේ කිසිවකුත් නොමැති අවස්ථාවේදී ඔහු පැමිණ දැරියට ලිංගික අතවර කර තිබූ බව පොලිසිය කියයි.

ඉන් අනතුරුව 2023 ජනවාරි පළමුවැනි දින දැරියගේ නිවසේ පැවති සාදයකදී අධික ලෙස මත්පැන් පානය කළ 19 හැවිරිදි තරුණයකු දැරියට අතවර කර තිබූ බව සිදු කළ දීර්ඝ විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරිනියක් පැවසුවාය.

දිගින් දිගටම අතවරයට පත් දැරිය මේ පිළිබඳ ඇයගේ සමීපතම මිතුරියකට පැවසීමෙන් අනතුරුව එම යෙහෙළිය විසින් පන්ති භාර ගුරුතුමියට කරන ලද දැනුම් දැනුම්දීමක ප්‍රතිඵලයක් ලෙස 1929 උපකාරක සේවයට ලද පැමිණිල්ලක් කිරුළපන පොලිසියට යොමු කිරීමෙන් අනතුරුව දැරිය පොලිසියට ගෙන්වා කරන ලද ප්‍රශ්න කිරිමේදී මෙම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිස් නිලධාරිනිය වැඩිදුරටත් පැවසුවාය.

දැරියව ප්‍රථමයෙන් අතවරයට පත් කළ පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.

මේ සම්බන්ධයෙන් කිරුලපන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago