හිටපු ව්‍යාපාර නායක දිනේෂ් ශාෆ්ටර්ගේ මෘත ශරීරය අධිකරණ නියෝග ප්‍රකාරව ලබන 25 වැනිදා ගොඩ ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මනුෂ්‍ය ඝාතන හා සංවිධාන්තමක අපරාධ කොට්ඨාසය මගින් සැලසුම් කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නිතිඥ නිහාල් තල්දූව පවසයි.
මේ වනවිට දිනෙෂ් ෂාෆ්ටර් මිහිදන් කළ ස්ථානයට බොරැල්ල පොලිසිය විසින් පොලිස් ආක්ෂාව සපයා ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
අධිකරණය විසින් පත් කරන ලද පංච පුද්ගල විශේෂ වෛද්‍ය කණ්ඩායම විසින් අධිකරණයට කර තිබුණු ඉල්ලීමක් ප්‍රකාරව මෙම මෘතදේහය නැවත ගොඩගැනිමට අධිකරණය පොලිිසය වෙත නියෝගයක් නිකුත් කළේය.
ඒ සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු පොලිසිය විසින් සිදුකරන්නේ ඒ අනුවය. .
එළඹෙන 25 දා . මහේස්ත්රාත්වරයාගේ සහ වෙනත් විශේෂඥවරුන්ගේත් අපරාධ විමර්ශකයින්ගේත් සහභාගීත්වයෙන් මෘතදේයහ ගොඩගනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසුවේය.