Local

හෙල්මට්වලින් පහරදීමේ තවත් අවාසනාවන්ත සිදුවීමක් !

හෙල්මට්වලින් පහර දී එක්දරු පියෙක් ඝාතනය කර තුන් මසක් ගතව තිබිය දී එවැනිම සාහසික පුවතක් අපට වව්නියාව ප්‍රදේශයෙන් වාර්තා වුණි.

වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබන දරුවන් පිරිසක් මාර්ගයේ දී තවත් සිසුවෙකුට හෙල්මට් හා පොලු මුගුරුවලින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සාමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

පහර කෑමෙන් සිසුවෙකු තුවාල ලබා ඇති අතර, පහරකෑමට ලක්වු සිසුවා සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි අප වාර්තාකරු පැවසීය.

පොලීසිය පැවසූවේ, සිසුවාට හෙල්මට් හා පොලු මුගුරුවලින් පහරදුන් සිසුන් දෙදෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවය.

සිසුන් අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් පහරදීමට හේතුවී ඇති අතර, සිසුවාට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බැවින් ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වා පහරදීමට සම්බන්ධ අනෙක් දරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලීසිය කියා සිටියේය.

පසුගිය පෙබරවාරි මස 14 වනදා වැලිපැන්න, ගල්මත්ත ප්‍රදේශයේ පටු මාර්ගයක අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කළ පාසැල් වියේ පසුවන ළමුන් තිදෙනකුට එය නවත්වන්නැයි අවවාද කළ 34 හැවිරිදි පුද්ගලයෙකුට යතුරුපැදි හෙල්මට්වලින් පහරදී ඝාතනය කෙරුණි.

සිද්ධියෙන් අවාසනාවන්ත ලෙස මියගියේ රංග විරාජ් නම් එක්දරු පියෙකි.

රංගට දිවි අහිමි කළ බාලවයස්කාර ළමුන් තිදෙනා මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව මාකොළ ළමා රැඳවුම් මධ්‍යස්ථානයට යොමුකෙරුණි.

රංගගේ තුන් මාසේ දානය මැයි 14 වනදාට යෙදී තිබුණු අතර එහි අමිහිරි මතකයන් මැකී යන්නට මත්තෙන් මෙවැනි තවත් පුවතක් ඇසීමට ලැබීම කෙතරම් අවාසනාවන්ත තත්ත්වයක් ද ?

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago