ආගමික සංහිඳියාව නැති වී යන ආකාරයේ වෛරී ප්‍රකාශයක් කරමින් රට කැළඹවූ ස්වයං ප්‍රකාශිත දිවැසිවරයෙක් ලෙස පෙනී සිටින ආගමික කල්ලි නායකයෙක් වන ජෙරොම් ප්‍රනාන්දු අද රාත්‍රී 11.45ට සිංග්ගපූරුවේ සිට එන ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ටිකට්පත් වෙන් කරගෙන ඇතැයි ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසයි.
මෙම පුද්ගලයා ඇති කළ සාමයික නොසන්සුන්තාවය හේතුවෙන් ඔහුවට එරෙහිව පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයකට අනුව විමර්ශන ආරම්භ වීමට පෙර ඔහු සිය පවුලේ අයත් සමග රටින් පිටවී ගොස් තිබිණි.
එහෙත් ඔහු සිය ඉන්සටග්‍රෑම් ගිනුමේ ප්‍රකාශයක් කරමින් කීවේ ඉරිදා යළි ලංකාවට පැමිණෙන බවය.
මේ වනවිට ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව ගුවන් ගමන් තහනමක් පනවා ඇති බැවින් කිසියම් ආකාරයකට අද ඔහු රටට පැමිණියහොත් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ගුවන්තොටුපල ආරක්ෂාව තර කර ඇතැයි වාර්තා වේ. .
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…