Local

ගල් අරක්කු බෝතලයක සැබෑ මිල පිළිබඳ අතිරේක සුරාබදු කොමසාරිස්ගෙන් හෙළිදරව්වක් !

විවෘත වෙළෙඳපොළේ රුපියල් 2940/- කට අලෙවි වන ගල් අරක්කු ලෙස හැඳින්වෙන අතිවිශේෂ වර්ගයේ මත්පැන් බෝතලයක අඩංගු මත්පැන්වල සැබෑ වටිනාකම රුපියල් 294/- ක් පමණක් බව සති අග දේශය පුවත්පත වාර්තා කරනවා.

එම රුපියල් 294/- ක මුදල ඉවත් කළ විට ඉතිරි අගය වන රුපියල් 2646/- මුදල රජය පනවා ඇති බදු සහ ව්‍යාපාරිකයාගේ ලාභය සඳහා වෙන්කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා එම පුවත්පතට පවසා තිබෙනවා.

සුරා බද්ද, වැට් බද්ද, උපයන විට ගෙවීමේ බද්ද ආදී බදු වර්ග රැසක් මත්පැන්වලින් අය කරන ප්‍රධාන බදු වර්ග අතර වනවා.

බදු නිසා මත්පැන් මිල ඉහළ ගොස් ඇති නිසා මත්පැන් අලෙවිය 40% කින් පමණ පහළ වැටී ඇති බව පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ මත්පැන් නිෂ්පාදකයන් අතර පැවැති සාකච්ඡාවකදී අනාවරණය වුණා.

මෙම සාකච්ඡාවේදී මෙහිදී මත්පැන් බද්ද රුපියල් 2000/- කින් අඩු කරන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණා.

කෙසේ වුවද මත්පැන් මිල අඩු කිරීමට යන බවට මේ වනවිට රටපුරා රාවයක් පැවතීම හේතුවෙන් මේ දිනවල මත්පැන් අලෙවිය තවදුරටත් පහළ වැටී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් අනාවරණය කරනවා.

තුෂරි සිංහාරමුදලිගේ

View Comments

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago