Local

බොරැල්ලේ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා ගැන තවත් තොරතුරු එළියට !

බොරැල්ල – ලෙස්ලි රණගල මාවතේදී අද (මැයි 20) උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, මේජර් තුවාන් මුතාලිෆ් ඝාතනයට සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගෙන පසුව නිදහස ලැබූ පුද්ගලයෙකු බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අද අලුයම යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු තව ත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම පුද්ගලයාට වෙඩි තබා තිබිණි.

සිද්ධියෙන් මිය ගොස් තිබුණේ, කැළණිය ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු පෞද්ගලික ආයතනවලට සේවකයින් සැපයීමේ සේවාවක් පවත්වාගෙන යන අයෙකු බව සඳහන් වන අතර, ඔවුන්ට වැටුප් ලබා දීම සඳහා ලෙස්ලි රණගල මාවතේ පිහිටි සිය සහෝදරියකගේ නිවසකට අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

සිය දියණිය ත් සමග ඔහු පැමිණ ඇති අතර, ඇය මුදල් රැගෙන සහෝදරියගේ නිවසට ගිය අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

කෙසේ වෙතත්, වෙඩි තැබීමට නිශ්චිත හේතුව හෝ එය කවුරුන් විසින් කරන ලද්දක් ද බව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසීය.

2005 වසරේ මැයි මස 31 වන දා මේජර් තුවාන් මුතාලිෆ් ඝාතනයට ලක්වූයේ නාරාහේන්පිට ප්‍රදේශයේදී ය.

Ceylon News Factory

Share
Published by
Ceylon News Factory
Tags: borellaborella OICborella policeKilling of Major Tuan Mutalifකළුතර පොලිස් බල ප්‍රදේශයජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකුජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූවපොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවපොලිස් නිලධාරීන්පොලිස් මාධ්‍ය කොට්ඨාසයපොලිස් මාධ්‍ය ප්‍රකාශකපොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූවපොලිස් මූලස්ථානයපොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයපොලිස් විශේෂ කාර්ය බලකායපොලිස්පතිපොලිස්පති ඩී.සී. වික්‍රමරත්නපොලිස්පති සි.ඩි.වික්‍රමරත්නපොලිස්පති සී. ඩී. වික්‍රමරත්නපොලිස්පතිවරයාබස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිබොරැල්ලබොරැල්ල කනත්තබොරැල්ල පොලීසියබොරැල්ල රෝහලබොරැල්ල සුසාන භූමියමේජර් තුවාන් මුතාලිෆ් ඝාතනය

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago