ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමේ කටයුතු තවත් පුළුල් කිරීමේ අරමුණින් එරට කුකුළු ගොවිපොළ පරීක්ෂා කිරීම සඳහා නියෝජිතයන් පිරිසක් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර කියා සිටියි.
මේ වන විට ඉන්දියාවේ කුකුළු ගොවිපොළ තුනකින් මෙරටට බිත්තර ආනයනය සිදුකරන අතර එම ප්‍රමාණය, ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව ගොවිපොළ කිහිපයක් හඳුනාගැනීම මෙම සංචාරයේ අරමුණ බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේය.
ඒ අනුව සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් සහ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නිලධාරියෙක් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. .
නිලධාරීන් විසින් ඉන්දියාවේ චෙන්නාහි පිහිටි කුකුළු ගොවිපොළ කිහිපයක් පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ලබන ඉරිදා මෙරටට පැමිණීමට නියමිතය.
ඉදිරියේදී දෛනිකව බිත්තර මිලියනයක් පමණ මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…