අන්තර්ජාලය භාවිතා කරමින් ඇත්දළ විකිණිමේ ජාවරමක තොරතුරු හෙළිකර ගත් වනජීවී නිළදාරීන්, එම ජාවාරම පවත්වාගෙන ගියේ යැයි කියනු ලබන සැකකරුවන් දෙදෙනෙකුද අද (19) අත් අඩංගුවට ගැනීමට සමත් වුණා.
මතුගම ප්‍රදේශය නිවසක් තුල මෙම ජාවරම සිදුකෙරෙන බවට ලත් තොරතුරකට අනුව මතුගම කලාප වන ජීවී කාර්‍යාලයේ නිළදාරීන් කංඩායමක් විසින් අදාල නිවස වැටලනු ලැබූ අවස්තාවෙදී මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනුනේ එසේ විකිනීමට සූදානම් කොට තිබූ ඇත් දලයක්ද සමගිනි.
අඩි 4 ½ පමණ දිගැති මෙම ඇත් දලය රුපියල් ලක්ෂ 8 මුදලකට විකිණිමට ජවාරම් කරුවන් සැළසුම්කොට තිබෙනවා.
සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරිමට නියමිතයි.
මෙම වැටලීම වනසත්ව අඩවි ආරක්ෂක ඒ.ටි.ආර්.රවින්ද්‍ර කුමාර මහතා, වනසත්ව අඩවි සහකාරවරු සම්පත් පෙරේරා,හෂාන් රන්දික හෙට්ටිආරච්චි,තරංග ධම්මික සහ වනසත්ව නියාමක සමීර ලක්මාල් යන නිලධාරින් විසින් සිදුකළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…