Local

දිනේෂ් ශාෆ්ටර්ගේ දේහය යළි ගොඩගැනීමේ සූදානමක් !

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගැනීමට අවසර දෙන්නැයි පංච පුද්ගල විනිසුරු මඩුල්ල කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගෙන් ඊයේ (18) අවසර ඉල්ලීය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා මෙලෙස ඔහුගේ දේහය යළි ගොඩගැනීම අවශ්‍යව ඇතැයි පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය අධිකරණයට දැනුම් දෙමින් එලෙස අවසර ඉල්ලිය.

කොළඹ විශ්ව විද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යා මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතා (සභාපති) රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩී. සී. ආර්. පෙරේරා, පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩී. එච්. එස්. ප්‍රනාන්දු, මහනුවර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. ශිව සුබ්‍රමනියම් සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ජී. ආර්. රුවන්පුර යන මහත්වරුන්ගෙන් මෙම පංච පුද්ගල විනිසුරු සමන්විත විය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක් ද එසේ නැතහොත් සියදිවි හානිකර ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සැදුම්ලත් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කරන්නයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව ඉදිරිපත්වූ නාමලේඛනයට අනුව පසුගිය පෙබරවාරි 17 වැනිදා මෙම පං පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පත් කරන ලදී.

එම වෛද්‍ය මණ්ඩලය විසින් කරන ලද මූලික විමර්ශන වලින් අනතුරුව දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිදු වූ හේතුව නිර්ණය කරගැනීම සඳහා ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩ ගෙන පරීක්ෂණ කළ යුතුව ඇතැයි දැනුම් දෙමින් ඒ සඳහා අවසර දෙන්නැයි ඉල්ලීමක් ද කළේය.

විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ ඉල්ලීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවද කැඳවා අදහස් විමසිය යුතු බව දැනුම් දැනුම්දුන් මහෙස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල යළි කැඳවීමට ද නියම කළාය.

Ceylon News Factory

Share
Published by
Ceylon News Factory
Tags: Asela MendisColombo Additional Magistrate Rajindra JayasuriyaDinesh ShafterJanashakti Insurance GroupKandy Chief Medical Officer S. Shiva Subramaniam and Chief Forensic Officer of Karapitiya Teaching Hospital G. R. Ruwanpuraprofessor of forensic medicine at the University of Colombo (Chairman) Professor D. of Ruhunu University. C. R. PereraUniversity of Peradeniya Professor D. H. S. Fernandoකොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරියකොළඹ විශ්ව විද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යා මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතා (සභාපති) රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩී. සී. ආර්. පෙරේරාජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයදිනේෂ් ශාෆ්ටර්පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩී. එච්. එස්. ප්‍රනාන්දුමහනුවර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. ශිව සුබ්‍රමනියම් සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ජී. ආර්. රුවන්පුර

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago