රහ අපල දුරු කිරීම සඳහා 13 හැවිරිදි පිරිමි දරුවෙකුගේ දකුණු අත්ලමත දැල්වෙන කපුරු තබා පුළුස්සා බරපතළ පිළිස්සුම් තුවාල සිදු කළ හිමිනමක් නමක් වීරවිල පොලිසිය විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩිවිල ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධූරය දරන තෙලිජ්ජවිල සරණ නැමැති භික්ෂුවකි.
තුවාල ලබා ඇත්තේ වීරවිල කුඩා ගම්මන ප්‍රදේශයේ පදිංචි, වීරවිල නව නගරයේ පාසලක ඉගෙනුම ලබන දරුවෙක් බව පොලිසිය කියයි.
දෙමව්පියන් විසින් අතහැර දමා ගොස් ඇති පිරිමි දරුවා මිත්තණිය සමඟ ජීවත් වන බව පොලිසිය පවසයි. පරීක්‍ෂණවලදී හෙළිවූයේ මිත්තනිය විසින් පිරිමි ළමයාගේ කේන්දරය බැලිම සඳහා අසල පිහිටි වීරවිල ගංගාරාම රාම විහාරස්ථානයේ ජ්‍යොතිෂ්‍යවේදියකු හා යක්ෂ බල පළවා හරින්නේකු බව කියන භික්ෂුව වෙත දරුවා රැගෙන ගොස් ඇති බවයි.
කේන්දරය බැලූ භික්‍ෂූව ආගමික වතාවත් සිදු කර, ග්‍රහ අපල දුරු කිරීමට අවශ්‍ය බව පවසමින් දරුවාගේ දකුණු අත්ල මත තබා කපුරු දවා ඇත.
ග්‍රහ අපල දුරුවීම කෙසේ වෙතත්, බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ දරුවා දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…