රට පුරා වාර්තා වෙමින් පවතින විවිධ අපචාර සිද්ධීන් සැලකිල්ලට ගනිමින් කුරුණෑගල නගරයට පැමිණෙන ලාබාල පෙම්වතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ගැනීමට වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පියවර ගෙන ඇත.
ලාබාල පාසල් සිසුන් සහ තරුණ තරුණියන්ට පසුගිය දිනවල දිවයින පුරා මුහුණ පෑමට සිදුවූ අතවර සිද්ධීන් මෙන්ම මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව ජයලත් මහතා සඳහන් කළේය.
විශේෂයෙන්ම පාසල් හෝ ටියුෂන් පන්ති යන බව පෙන්වමින් දෙමාපියන් රවටා පෙම් සුව විඳීම සඳහා කුරුණෑගල නගරයට පැමිණෙන පාසල් වයසේ පසුවන ලාබාල තරුණ තරුණියන්ට විවිධ ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සිදු වන බවට මේවනවිට පැමිණිලි රැසක් ලැබී ඇති බව පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයලත් මහතා කුරුණෑගල වැව රවුමේදී සහ ඇතුගලේදී ඔවුන්ට මෙවැනි හිංසාකාරි සිදුවීම් වලට මුහුණ දීමට සිදුව ඇතැයිද පැවසීය.
මෙම පිරිසෙන් බහුතරයක් කුරුණෑගල සිට බොහෝ දුර ප්‍රදේශ වල වෙසෙන සිසුන් බවද ඇතැම් සිසුවියන් හදිසියේම හඳුනාගෙන පෙම්සුව විඳීමට එන තම පෙම්වතාගේ නම හෝ ඔහු කවරෙක්දැයි පවා නොදන්නා තරමට රැවටිල්ලකට ලක්ව ඇති බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඇතැම් සිසුවියන් විවාහක වැඩිහිටි පුද්ගලයන් සමඟ පවා ප්‍රේම සබඳතා පවත්වන බවද මෙවැනි පුද්ගලයන් අතින් මොවුන් අතවරයට ලක්ව ඇති අවස්ථා වාර්තා වී තිබෙන බවද පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුගල මතට පාගමනින් යාමේදී පෙම්වතුන් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ අවස්ථාවන් පවා වාර්තා වී තිබෙන බව ද ප්‍රකාශ කළේය.
මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගෙන විශේෂයෙන්ම කුරුණෑගලට පැමිණෙන ලාබාල වයසේ පසුවන පෙම්වතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ගැනීමට පියවර ගෙන ඇති බවද ජයලත් මහතා කීය.
ඒ අනුව කුරුණෑගලට පැමිණෙන පාසල් වයසේ පසුවන පෙම්වතුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම තොරතුරු දෙමාපියන්ට දැනුම් දීමට මෙන්ම ඇතුගලට ගමන් කරන පෙම්වතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මුර පොළක් පවා පිහිටුවීමට පියවර ගෙන ඇති බවද ඔහු කියා සිටියේය.
ජනතාවට හිරිහැරයක් වන ආකාරයට කුරුණෑගල වැව රවුමේ සහ ඇතුගල මුදුනේ අශීලාචාර ලෙස හැසිරෙන පෙම්වතුන්ට එරෙහිව මින් ඉදිරියට පියවර ගන්නා බවද ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයලත් මහතා සඳහන් කළේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…