Local

කැබිනට් එක සිග්නල් කණු වෙයි !

කැබිනට් අමාත්‍යාංශ 30 පමණක් තිබීම ප්‍රමාණවත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙම පවතින තත්වය ඉදිරියට ද පවත්වාගෙන යා යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

“අද අමාත්‍යාංශ 30ක් පමණ තිබෙනවා. අපි එය එතනට සීමා කරමු. දැන් සිදුව තිබෙන්නේ හොඳ තත්ත්වයක් තමයි, පළාත් පාලන සහ රාජ්‍ය පරිපාලන එක අමාත්‍යාංශයක් බවට පත්කිරීම. වාරිමාර්ග සහ මහවැලි දැන් එකට තිබෙන්නේ. ලබන වසර අවසන් වන විට වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත එක අමාත්‍යාංශයක් යටතට ගෙන ආ යුතුයි.

ඒ වගේම ජාත්‍යන්තර වෙළඳාම, හා විදේශ කටයුතු එකට තිබිය යුතුයි. මේ නව ප්‍රතිව්‍යුහගත කිරීම දැන් ආරම්භ කළ යුතුයි. එම ඇතැම් කටයුතු ලබන වසරේ අවසන් කිරීමට අපට හැකියාව තිබෙනවා.

පළමුව තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කිරීම. ඉන් අපට ඉවත් විය නොහැකි අතර ඒ සමග ඉදිරියට යා යුතුයි. ඉන් සිදුවන්නේ ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇතිවීම පමණයි. ඉන් පසුව මේ ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා අපි අවධානය යොමු කළයුතුයි. ඒ සඳහා අපි සීග්‍ර සංවර්ධන වැඩපිළිවෙළකට යා යුතුයි. ඒ සදහා අපි 2048 වසර ඉලක්ක කරගෙන තිබෙනවා.

මේ රටේ ආර්ථිකය බංකොලොත්වීම පිළිබඳ සැම අමාත්‍යාංශයක්ම වගකිව යුතුයි. අපට කාලයක් සිදුවුණා යම් යම් කටයුතු සඳහා මුදල් ලබාදීමට. එයින් සිදුවුණේ ජනතා මුදල් අපතේ යාම පමණයි. රටට මොකක්ද වුණේ කියලා තරුණ පරපුර ප්‍රශ්න කිරීම සාධාරණයි.”

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago