Local

රටින් පැන්න පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දුගෙන් විශේෂ සටහනක් !

ආගමික සංහිඳියාවට හානි වන ලෙස ප්‍රකාශයක් කළ බව කියන ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා රටින් පිටවීම වළක්වාලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (16) වාරණ නියෝගයක් ලබා ගත්තා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එලෙස වාරණ නියෝගයක් ලබාගන්නා අවස්ථාවේදීත් එම පුද්ගලයා සිංගප්පූරුව බලා පිටව ගොස් තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

එලෙස සිංගප්පූරුව බලා ගොස් සිටි ජෙරම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයා සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි ඡායාරූපයක් සහ සටහනක් තබා තිබෙනවා.

එහි ඔහු දක්වා තිබුණේ ලබන ඉරුදින (21) තමන් යළි ලංකාවට පැමිණෙන බවයි.

“හලෝ ෆැමිලි, ඔබ සියලුදෙනා දන්නා පරිදි, මම දැනට නිල කටයුතු වෙනුවෙන් සංචාරය කරමින් සිටින අතර, ඉරිදා නැවත නිවසට පැමිණෙනවා” යනුවෙන් සඳහන් කර තිබෙනවා.

ආගමික සංහිඳියාවට හානි වන ලෙස සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයන් ආගමික නායකයින් සහ සමාජයේ දැඩි දෝෂාරෝපණයක් මොහුට එරෙහිව මේ වනවිට එල්ල වී තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago