ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් හිමිනමක සහ ඊට ආධාර අනුබලදුන් අදාළ දැරියගේ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොරටුව එගොඩඋයන ප්‍ර දේශයේ 62 හැවිරිදි හිමිනමක සහ දැරියගේ 36 හැවිරිදි මවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
11 හැවිරිදි වින්දිත දැරිය සිද්ධිය සිය මිත්තණියට පැවසීමෙන් අනතුරුව මිත්තණියයි මේ බව පොලිසියට පැමිණිලි කර තිබෙන්නේ.
සැකකාර මවගේ අනියම් පුරුෂයා බව කියන හිමිනම දැරිය අපයෝජනය කර ඇත්තේ හිමිනමට අයත් මහල් නිවාසයකදීයි.
දැරිය පවසා ඇත්තේ හිමිනම මවට මත්ද්‍රව්‍ය පානය කිරීමට දී ඇය නින්දට ගිය පසු තමන්ට කීප අවස්ථාවකම අතවර කළ බවයි.
අදාළ හිමිනම හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේම බෞද්ධ කටයුතු උපදේශකවරයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති බව ද වාර්තා වනවා.
සිද්ධිය දැනගත් ප්‍රදේශවාසීන් මොරටුව එගොඩඋයනේ පිහිටි අදාළ හිමිනම සිටින විහාරස්ථානයට ගොස් නොසන්සුන්කාරී ලෙස කටයුතු කිරීමත් සමඟ අවට පොලිසි කිහිපයක මැදිහත් වීමෙන් තත්ත්වය පාලනය කෙරුණා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…