ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ සිදු වූ බස් රථ අනතුරක් හේතුවෙන් ප්‍රාථමික පාසල් සිසුන් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුර සිදු වන අවස්ථාවෙහි බස් රථය තුළ වයස අවුරුදු 05 ත් 11 ත් අතර සිසුන් 45 දෙනෙකු පමණ සිට ඇති බව ද වාර්තා වෙයි.
අනතුර සිදුව ඇත්තේ අධික වේගයෙන් පැමිණි ට්‍රක් රථයක් බස් රථයේ ගැටීමෙන් වන අතර අනතුරට ලක් වූ සිසුන්ගෙන් නව දෙනෙකු හට හදිසි ශල්‍යකර්ම සිදු කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ බරපතළ තත්ත්වයේ පසුවන සිසුන් හත් දෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇති බවයි.
අනතුර සිදුකළ ට්‍රක් රථයේ රියදුරු එරට පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.