අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම මෙම මස 23 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් වරයා පවසයි.
23 වනදා සිට විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, පන්ති මෙහෙයවීම හා විෂයානු බද්ධ දේශන, සම්මන්ත්‍රණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.
විභාග කොමසාරිස් ජනරාල් ප්‍රකාශ කළේ 23 වැනිදා සිට අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍ර වල අනුමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා, මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත් කිරීමද සම්පූර්ණයෙන් තහනම් බවයි.
යම් පුද්ගලයෙකු අදාළ නියෝග කඩ කරමින් කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසයි ඔහු තව දුරටත් සඳහන් කළේ.
සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වැනිදා සිට ජුනි මස 08 වන දින දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568ක දී පැවැත්වීමට නියමිතයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…