විදුලිබල මණ්ඩලය ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සකස් කළ විදුලි ගාස්තු යෝජනාව ඊයේ පස්වරුවේ මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී තිබෙනවා.
ඒ අනුව 3% ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමට යෝජනා කර ඇති බවයි විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ විදුලි ජනන දත්ත සහ විකුණුම් දත්ත, ඉන්ධන, ගල් අඟුරු හා අනෙකුත් අමුද්‍රව්‍ය මිල ගණන් මෙන්ම මෙම වසරේ විදුලි ජනන සැලසුම සහ අවශ්‍යතාව සැළකිල්ලට ගනිමින් එම යෝජනාව සකස් කර ඇති බවයි.
කෙසේ වෙතත් විදුලි නිෂ්පාදනය සඳහා දැරීමට සිදුවන වියදම මේ වන විට පහත වැටී තිබෙනවා.
පෙට්‍රල්, ඩීසල්, ගල් අඟුරු මිල ද, පහත වැටී ඇති අතර, විදුලි ඉල්ලුම ද, 18% න් පමණ අඩු වී ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම පැහැදිලි කළේ.
ඒ අනුව පවතින තත්ත්වය හමුවේ 20%න් පමණ විදුලි ගාස්තු අඩු කිරීමට හැකියාව පවතින බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පසුගිය දා පෙන්වා දෙන ලදී.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
60% කින් ලයිට් බිල වැඩිකරලා.3%කින් අඩුකරලා හිනා යන ජෝක් දාන්න එපා. මේක කරන ඇඩ් මින් 😂
60% කින් ලයිට් බිල වැඩිකරලා.3%කින් අඩුකරලා හිනා යන ජෝක් දාන්න එපා. මේක කරන ඇඩ් මින්