Local

බෝලවත්ත දුම්රිය ස්ථානාධිපතිවරයාට පිරිසක් පහර දෙයි !

බෝලවත්ත දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 04 දෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (13) දින රාත්‍රී 7ට පමණ මෙම පහර දීම සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

පහරකෑමට ලක්ව ඇති දුම්රිය ස්ථානාධිපතිවරයා සහ දුම්රිය සේවකයින් තුන් දෙනෙකු ප්‍රතිකාර සඳහා මීගමුව මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පුද්ගලයින් තුන් දෙනෙකු ඊයේ (13) රාත්‍රී බෝලවත්ත දුම්රිය ස්ථානය තුළ ඇති ආසන වල වාඩිවී මත්පැන් පානය කිරීමට උත්සාහ කර ඇතැයි සඳහන්.

එය දැක ඇති දුම්රිය ස්ථානාධිපතිවරයා සහ සෙසු සේවකයින් දුම්රිය ස්ථානය තුළ මත්පැන් පානය කිරීමට නොහැකි බව පවසා ඇති අතර එහිදී දෙපාර්ශවය අතර බහින් බස්වීමක් හට ගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව එම පුද්ගලයින් තිදෙනා මන්නා පිහියක් සහ රීප්ප පටියක් ද රැගෙන පැමිණ දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසට පහර දී දුම්රිය ස්ථානයටද අලාභ හානි කර පිටව ගොස් තිඛෙනවා.

පහර කෑමට ලක්වූ පිරිස විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇතැයි සඳහන්.

වහාම ක්‍රියාත්මක වූ වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකු සහ මිරිස්සන්න්තොටුව පදිංචි 45 හැවිරිදි පුද්ගලයක්.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago