Local

ගම්පොළදී තරුණිය ඝාතනය කල එක්දරු පියා සියල්ල වමාරයි !

ගම්පොළ ප්‍රදේශයේ දී තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පොලීසිය පැවසුවේ 24 හැවිරිදි සැකකරු ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

සැකකරු විසින් ලබාදුන් ප්‍රකාශයක් මත ඝාතනයට ලක්වු‍ තරුණියගේ මළසිරුර ඊයේ (13) ගොඩගනු ලැබුවා. ඝාතනය කර වළ දමා තිබූ ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනවුවරා නැමැති 22 හැවිරිදි තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ද අද (14) මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ශිවසුබ්‍රමණියම් මහතා විසින් සිදුකරනු ලැබූ අතර ගෙල සිරකිරීමෙන් එම මරණය සිදුව ඇති බවත් ඇය දූෂණයට ලක්ව නොමැති බවත් වෛද්‍ය වාර්තා වේ සඳහන් වී තිබෙනවා.

ඇගේ ගමේ ම පදිංචි 24 හැවිරිදි විවාහක එක්දරු පියකු විසින් තරුණියව ඝාතනය කර හොර රහසේ වළ දමා තිබූ බවයි නිවසේ සිට සේවා ස්ථානය වෙත යමින් සිටියදී මෙම තරුණිය දින 6ක් පුරා අතුරුදන්ව සිට ඇති අතර පසුව අනාවරණය වූයේ.

ඇය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මොහු ඇයට අයුතු යෝජනාවක් කර කැළයට ඇදගෙන යාමට උත්සාහ කළ බවයි ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ගම්පොළ පොලීසිය අනාවරණය කරගෙන තිබුණේ. තරුණිය එයට අකමැති වී ඒ බව පියාට පවසන බව පැවසීම හේතුවෙන් එම පුද්ගලයා ෆාතිමාගේ ගෙල මිරිකා ඇති බවත් එයින් ඇය බිම වැටුණු පසු ඇයගේ කුඩයෙන් බෙල්ලට ඇන ඇති බවත් හෙළි වී තිබෙනවා. තරුණිය ඝාතනය කර වළදැමූ බවට පාපොච්චාරණයක් ඝාතන සැකකරු විසින් සිදුකර තිබුණා. මියගිය තරුණියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (14) සිදුකෙරුණා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago