බෙන්තොට, සිංහරූපාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15යි මාස 2ක් වන පාසල් සිසුවියක් අතුරුදන්ව තිබෙනවා. ඇයගේ මව බෙන්තොට පොලිසියට ඊයේ පැමිණිලි කර ඇත්තේ සිය දියණිය සංචාරක හෝටලයක රැකියාවක නිරත තරුණයෙකු සමඟ ප්‍රේම සබඳතාවක් ඇති බවට තමන්ට දැන ගැනීමට ලැබුණු බවයි.
ඒ අනුව, ඒ සම්බන්ධයෙන් පසුගිය 10වනදා සිය දියණියට අවවාද කළ බවද ඇයගේ මව විසින් පොලිසියට පවසා තිබෙනවා. ඉන් අනතුරුව තමන්ට අසනීප යැයි පවසා දින 2ක් එම සිසුවිය පාසල්ද ගොස් තිබුණේ නැහැ.
ඊයේ දහවල් තමන් සෙසු දරුවන් දෙදෙනා පාසලෙන් රැගෙන ඒමට නිවසින් පිටව ගොස් යළි පැමිණිමේදී සිය දියණිය නොසිටි බවයි මව විසින් පොලිසියට පවසා ඇත්තේ. තමන් තරුණයෙකු සමඟ බසයකට නැග අතුරුවැල්ලෙන් බසයෙන් බැස ගිය බව එම සිසුවිය විසින් ඇගේ මිතුරියක් වෙත දුරකථන ඇමතුමක් ලබා දී දැනුම් දී ඇති බවද මව පොලිසියට වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති එම පාසල් සිසුවිය සහ මීගමුව බටහිර ඇල ඉවුර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයා සොයා බෙන්තොට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…