ජාතික රක්ෂණභාර අරමුදලේ පරිපාලන ගැටලු රැසක් කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබෙනවා. එම අරමුදලේ 2016 සහ 2019 මූල්‍ය වර්ෂ සදහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබදව එහිදී අවධානය යොමුව ඇති බව සඳහන්.
ආයතනයේ දුර්වල පරිපාලනය හමුවේ එය වැසී යාමේ තර්ජනයක පවතින අතර එහි පරිපාලනය ඇතුළු සමස්ත ක්‍රියාවලිය අතිශය දුර්වල මට්ටමක පවතින බවයි කෝප් කමිටුව පෙන්වා දී ඇත්තේ.
එමෙන්ම පාරිභෝගික සේවා ඇමතුම් සදහා ප්‍රතිචාර දැක්වීම අතිශය දුර්වල මට්ටමක පවතින බව පෙන්වා දුන් කෝප් කමිටු සාමාජිකයින් ඒ පිළිබද සිය දැඩි අප්‍රසාදය පළකර තිබෙනවා.
භාණ්ඩාගාරයේ මුදලින් යැපීම වෙනුවට ජාතික රක්ෂණභාර අරමුදල විධිමත් ව්‍යාපාරික මොඩලයකට අනුගත කර සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද කෝප් කමිටුව විසින් එහිදී අවධාරණය කර ඇති බව සඳහන්.
ව්‍යාපාර සංවර්ධනය, පරිපාලන ක්‍රමවේදය, අලෙවිකරණය, මානව සම්පත් කළමනාකරණය යනාදී සමස්ත අංශ දුර්වලව පවතින අතර එම සියලු අංශ ආවරණය වන පරිදි ස්වයං ඇගයීමක් සිදු කර මාසයක් ඇතුළත ප්‍රගතිය වාර්තා කරන ලෙසයි කෝප් කමිටුව විසින් ජාතික රක්ෂණභාර අරමුදලේ නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ.
එමෙන්ම තරගකාරී ව්‍යාපාරික ආයතනයක් ලෙස ඉදිරියට යාමේදී භාණ්ඩාගාරයේ රාජ්‍ය සේවකයන්ගේ අග්‍රහාර රක්ෂණ හිමිකම් ලබා දීම දීර්ඝ කාලක් ප්‍රමාදවීම සම්බන්ධයෙන් එහිදී දැඩි අප්‍රසාදය පළ වී තිබෙනවා.
පසුගිය කාලය තුළ අග්‍රහාර රක්ෂණ හිමිකම් ලබාදීම සාමාන්‍යයෙන් මාස 8 – 9 ක කාලයක් ප්‍රමාද වී ඇති අතර ආයතනයේ අකාර්යක්ෂමතාව සහ පරිපාලන දුර්වලතා ඒ සදහා බලපා ඇති බවයි කෝප් කමිටුවේ දී අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම නෛතික ප්‍රතිපාදන අනුගමනය නොකිරීම හේතුවෙන් සිදුවී ඇති බව පැවසෙන රුපියල් බිලියන 51 ක අලාභයක් සම්බන්ධයෙන් ද වාර්තාවක් කැඳවීමට ද එහිදී තීරණය වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු සභාපතිවරයා ඇතුළු නිලධාරීන් කැඳවීමට අපේක්ෂා කරන බව සඳහන් කළ කෝප් කමිටු සභාපතිවරයා පූර්ණ වාර්තාවක් සති දෙකක් තුළ ලබාදෙන ලෙසයි දැනුම් දී ඇත්තේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත්කර තිබෙනවා. ඊට අදාළ පත්වීම්…
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපීඩන තත්වය ත්‍රීකුණාමලයේ සිට ඊසාන දෙසින් 100km 100 දුරින් තිබෙනවා.…
අම්පාර - මාවඩ්ඩිපල්ලි ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරලී අතුරුදන් සිසුන් 06 දෙනාගෙන් එක් සිසුවෙකුගේ මෘත දේහයක්…
දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…
ගතවූ පැය 24 තුළ මිලිමීටර් 250 ඉක්මවූ තද වැසි ඇදහැලීම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්…