ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ නිල නිවස ඉදිරිපිට දී නාඳුනන පුද්ගලයෙක් විසින් බිම දමා ගෙන පහර දී ඇති බව වාර්තා වනවා.
ගාල්ල පොලීසිය සඳහන් කළේ මෙම පහර දීම සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි.
විදුහල්පතිවරයාගේ බිරිඳ අසනීප වීම නිසා ඇය කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ගොස් නතර කර ඊයේ (12) රාත්‍රී 11.30 පමණ රෝහලෙන් පිටවී නිල නිවස කර මෝටර් රථයෙන් පැමිණ තිබෙනවා.
එලෙස නිල නිවසේ ගේට්ටුව විවෘත කිරීමට මෝටර් රථයෙන් බැස අවස්ථාවේදී මෝටර් රථය පිටුපසින් යතුරු පැදියකින් පැමිණි බීමත් පුද්ගලයෙක් විසින් ඔහුව බිම දමාගෙන පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී අසල්වාසීන් පැමිණි එම පුද්ගලයාට පහර දී තිබෙනවා.
පහරදීම හමුවේ එම පුද්ගලයා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර පහරදීම සිදුකළ පුද්ගලයා හඳුනාගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලීසිය පරීක්ෂණ සිදුකරනු ලබනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…