ගම්පොල ප්‍රදේශයේ පසුගිය ඉරිදා (07) සිට අතුරුදහන් වී සිටි තරුණිය ඝාතනය කර තිබෙන බවට සැකකරු පාපොච්චාරනය කර තිබෙනවා.
අතුරුදන්ව සිටි ගම්පොළ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22ක මෙම මුස්ලිම් තරුණිය සේවා ස්ථානයට ගමන් කරමින් සිටිය දී එළුවන් බැලීමට යන පුද්ගලයෙකු ඇයට බලහත්කාරකමක් කිරීමට උත්සහ කිරීමේදී ඇය දිහින් දිහටම කල ප්‍රතික්ෂේප කිරීම් හමුවේ ඇය කැළෑ ප්‍රදේශයකට ඇදගෙන ගොස් ඝාතනය කර වළ දැමූ බවයි සැකකරු පාපොච්චාරණය කරන්නේ.
සිරුර වළ දැමූ බවට සැකකරු පාපොච්චාරණය කළ ද සිරුර මෙතෙක් සොයාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
ඇය ගම්පොළ ප්‍රදේශයේ ඔසුසලක සේවය කරන අතර ස්ථානයට බස් රථයක් ලබාගැනීම සඳහා නිවසේ සිට කිලෝමීටර 2ක් පමණ පාගමනින් වැලිගල්ල දක්වා යායුතු අතර එම මාර්ගයේ බොහෝ ස්ථාන පාළු ස්වභාවයක් ගන්නා බවයි වාර්තා වන්නේ.
නිවසේ සිට මීටර් 100ක් පමණ ඉදිරියට යාමේදී හමුවන ඇල්පිටිය මුස්ලිම් පල්ලියේ CCTV කැමරාවෙහි ෆාතිමා මාර්ගයේ ගමන් කරන අයුරු දක්නට තිබුණ ද ඉන් තවත් මීටර් 50ක් පමණ ඉදිරියට යාමේදී හමුවන CCTV කැමරාවේ තරුණිය මාර්ගයේ ගමන් කරන දර්ශනයක් සටහන්වී නොමැති බව සඳහන්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…