Business

දරුවෙකුට මත්ද්‍රව්‍ය දී සිඟමනේ යෙදවූ කාන්තාවට වැඩ වරදී!

ඔබේසේකරපුර කොලොන්නාව දෙසට යන මාර්ගයේ කාන්තාවක විසින් දරුවෙකු සිඟමනේ යොදවා ඇති බවට ලද ආරංචියකට අනුව වැලිකඩ පොලීසිය පසුගිය 9 වනදා එහි සෝදිසියක් සිදු කළේය.

එහිදී සිඟමනේ යෙදෙමින් සිටි 11 හැවිරිදි දරුවෙක් පොලිස් භාරයට ගනු ලැබීය.

දරුවාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ අඹේපුස්ස ප්‍රදේශයේ ළමා නිවාසයක රැදී සිටියදී නිලූකා ප්‍රියදර්ශනී නමැති කාන්තාවක් මෙම දරුවා එතැනින් රැගෙන විත් ඇයගේ පුත්‍රයා සමග සිඟමනේ යොදවා ඇති බවය.

එසේම මෙම දරුවාට හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කිරීමට දී මෙසේ සිඟමනේ රැගෙන යන බවද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

දරුවාගේ කටේ, දෙතොල්වල, වම් කකුලේ දණහිසට ඉහළින් සහ කකුල් දෙකේ මහපට ඇඟිලිවල පිළිස්සුම් තුවාල ඇති ආකාරය ද පොලීසියට නිරීක්ෂණය වී තිබේ.

ඒ අනුව ප්‍රතිකාර ලබාදීමෙන් පසුව දරුවාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතය.

මෙම දරුවා පැහැර ගැනීමට කටයුතු කළ සහ දරුවාට මත්ද්‍රව්‍ය පානය කිරීමට දී සිඟමනේ යෙදවූ බව කියන පෑලියගොඩ නුගේ පාරේ පදිංචි නිලූකා ප්‍රියදර්ශනී නමැති කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago