Local

ජනපති උපදෙස් දුන්නත් ගම්පහ ඩෙංගු මර්ධනය නිසියාකාරව සිදු නොවන බවට චෝදනා !

ඩෙංගු අධි අවදානම් සහිත ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු මර්ධන වැඩසටහන් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇතත් කිසිම නව වැඩසටහනක් ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක නොවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරු හෙළිදරවු කරති.
කිසිම වැඩපිළිවෙළක්, සම්බන්ධීකරණයක් හෝ ප්‍රතිපාදනයක් වෙන් වී නැති බව පෙන්වා දෙන ඔවුන් පවසන්නේ ඊයේ දිසාපතිවරයාගේ මූලිකත්වයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ඇතුළු සෞඛය බලධාරීන් සහිතව පැවති රැස්වීමේ දී ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකයින්ගෙන් සැලසුමක් ඉල්ලූ බවය.

ඉදිරිපත් කරන සැලසුමට උදව් කිරීමට හැකි බව එම බලධාරීන් දන්වා ඇත.

“ හැම තැනම රැස්වීම් තියනවා අපේ දත්ත අරන් ගිහින් ප්‍රසන්ටේෂන් තියනවා. යෝජනා කරනවා. ඒත් ඒ යෝජනා කිසිම දෙයක් මේ වනවතුරු බිම් මට්ටමේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. වෙන එකම දේ අපි වෙනදා ගිහින් කරන විදිහට ඩෙංගු කීටයන් බෝවන ස්ථාන සම්බන්ධව ගෙවතු හා නිවාස පරීක්ෂාව විතරයි.”

“ සමහර තැන් තියනාව ධූමායනය කරන්න අවශ්‍ය… ඒ සඳහාවත් මෙතෙක් ප්‍රතිපාදන නෑ. ඕක තමයි ගම්පහ ඩෙංගු මර්ධනය ගැන කියන කතාවල ඇත්ත තත්ත්වය. “

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago