තමා බලාපොරොත්තුවෙන් සිටින කැබිනට් අමාත්‍ය තනතුර තවමත් නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා දැඩි කලකිරීමෙන් පසුවන බව වාර්තා වනවා.
දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ දිනවල උදෑසන පටන්ම ජනාධිපතිවරයාට හිතවත් විවිධ පුද්ගලයින් දුරකථන ඇමතුම් ලබාදෙමින් තම දුක ප්‍රකාශ කරමින් සිටින බවයි.
“මම ඕනෙ තරම් ඇමතිකම් කරලා තියෙනවා, ඒත් ඒ කිසිම ඇමතිකමකට මේ තරම් නහයෙන් අඬලා නෑ” යනුවෙන් ඔහු බොහෝ දෙනෙක්ට ප්‍රකාශ කර තිබෙනවා.
“ලොක්කා මාවත් ඇන්දුවා. බලන්නකො මට, රාජිතට එහෙම වෙච්ච වැඩේ. මේ ඇමතිකම් දෙන කතාව නොකියා හිටියා නම් මීට වඩා හොඳයි. ලොක්කා තරම් මිනිස්සු අන්දන්න දක්ෂයෙන් මේ රටේ තවත් නෑ ඉතින්” යන පවසමින් ඔහු නිරන්තරයෙන් පවසන බව ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…