Local

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ගැබිණි වාට්ටුවට පැන්න සැමි‍යෙක් වෛද්‍යවරුන්ට පහර දීලා !

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාට සහ වෛද්‍යවරියකට ප්‍රහාරයක් එල්ලකර “තොපි කපනවා” තර්ජනය කර තමන්ට නඩු 16ක් තිබෙනවා යැයි වහසිබස් දොඩා රෝහල් වාට්ටුවෙන් පලාගිය මැරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පවසනවා.

ප්‍රථම දරු ප්‍රසූතිය සඳහා සති 28ත පමණ ගැබක් සහිත තරුණ මව කුරුණෑගල ශික්ෂණ රෝහලේ 72 වාට්ටුවේ නේවාසිකව සිටියදී ඉතා කඩිනමින් දරුවා බිහිකරදෙන ලෙස වාට්ටු භාර වෛද්‍යවරයාට බලපෑම් කර ඔහු සමඟ බහින්බස් වී වෛද්‍යවරයාගේ බෙල්ලෙන් අල්ලා පහරදී තවත් වෛද්‍යවරියක් තල්ලුකර පලා ගිය මැරයා මෙතෙක් පොලිස් අත්අඩංගුවට ගැනීමට නොහැකිවී ඇති බව රෝහලේ වෛද්‍යවරු පවසනවා.

පසුගිය 8 දින සවස 5.30ට පමණ මෙම ගැටුම කුරුණෑගල ශික්ෂණ රෝහලේ (72) ගැබිනියන් නේවාසිකව සිටින වාට්ටුවේ සිදුවී තිබෙනවා.

දරු ප්‍රසූතිය සඳහා සුදුසුකම් සපුරා නැති බැවින් අස්වාභාවිකට දරු ප්‍රසූතිය සිදුකළොත් දරුවාට හානියක් සිදුවිය හැකි බව වෛද්‍යවරුන් පැවැසුවත් ගැබිනියගේ ස්වාමියා යැයි කියාගන්නා අය කියා ඇත්තේ තමන්ට දරුවාගෙන් වැඩක් නෑ. ඉක්මනින් දරු ප්‍රසූතිය කරදෙන ලෙස වාට්ටු භාර වෛද්‍යවරයාට තර්ජනය කර යකා නැටූ මොහු දරුවන් දෙදෙනකුගේ පියකු බවත් බිරිය විදේශගතව සිටින බවත් වෛද්‍යවරු පැවැසූවා.

තමන්ට නඩු 16ක් තිබෙන බවත් වෛද්‍යවරු කපනවා යැයි තර්ජනය කර රෝහලින් පලාගොස් සැඟවී සිටින මොහු මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ගැබ්ගෙන සිටින තරුණිය දඹුල්ල මාර්ගයේ කිරිවවුල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් වාර්තා වෙනවා.

Ceylon News Factory

Share
Published by
Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago