Local

මිනුවන්ගොඩ 15 හැවිරිදි දැරියක් පැහැරගනී !

15 හැවිරිදි දැරියක් පැහැරගෙන යෑමේ පුවතක් මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයෙන් වාර්තා විය.

සිය දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වු පුද්ගලයා විසින් මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇති බවට දැරියගේ මව චෝදනා කළාය.

15 හැවිරිදි කෞෂානි කාවින්ද්‍යා දැරිය දෙමව්පියන් සමග මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචිව සිටියාය.

ප්‍රේම සම්බන්ධය නැවැත්වීම හේතුවෙන් උරණ වූ කෞෂානිගේ පෙම්වතා සිය නැන්දනිය සහ තවත් දෙදෙනෙකු සමග ඉකුත් අප්‍රේල් මස 10 වනදා ඇගේ නිවසට පැමිණ තර්ජනය කර තිබු බව වාර්තා වෙයි.

විදෙස්ගතව සිටින කෞෂානිගේ මවට සිද්ධිය පිළිබඳ දැනුම්දීමත් සමග වැල්ලවාය ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ඇයව පිටත් කර හැරීමට මව කටයුතු කර තිබුණාය.

කෙසේවෙතත් අප්‍රේල් 12 වනදා වැල්ලවායේ ඥාති නිවසට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු කෞෂානිව පැහැරගත් බව සිය ඥාතීන් දැන් වූ බව කෞෂානිගේ මව පවසයි.

“මම විදේශගත වෙලා හිටියේ. දුව මට කෝල් කරලා කිව්වා මට මේ සම්බන්ධයෙන් නිදහස් වෙන්න ඕනේ. එයා මට නිදහසේ ඉන්න දෙන්නේ නෑ කියලා. කොල්ලාගේ ගෙදරින් තර්ජනය කළා. පිරිමි ළමයාගේ නැන්දම්මත් තර්ජනය කළා, එයාලා සල්ලිවලට මිනී මරණ කට්ටිය බය නෑ නීතිය ගැන දන්වා කියලා තමයි මට තර්ජනය කළේ.”

සිය දියණිය පිළිබඳ තොරතුරක් වෙතොත් 076 883 6225 යන දුරකථන අංකයට දැනුම්දෙන ලෙස කෞෂානිගේ මව ඉල්ලීමක් කරයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago