Local

ආගන්තුක රුධිර සාම්පල හමුවෙයි – ෂාෆ්ටර් ගේ මරණයට අදාළ DNA පරීක්ෂණය ගැන අලුත් තීරණයක් !

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පිළිබඳව අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර තිබෙනවා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ ෂාෆ්ටර් මහතාගේ මෝටර් රථයේ තිබී සොයාගත් ආගන්තුක රුධිර සාම්පලය කාගේදැයි නිශ්චිතව අනාවරණ කරගැනීම සඳහා ඔහු රෝහල්ගත කළ දින ජාතික රෝහල් සේවය කළ කාර්ය මණ්ඩල සේවකයන් කිහිප දෙනකු ඇතුළු 10 දෙනෙකුගේ රුධිර සාම්පල ලබාගැනීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට දැනුම් දුන්නා.

එම දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පෙර සතියේ ලබාගත් අධිකරණ නියෝග අනුව පොලිස් නිලධාරීන් ඇතුළු 21 දෙනෙකුගෙන් ලබාගත් රැධිර සාම්පල පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බවයි.

ඒ අනුව මෙම නඩුව ලබන 24 වනදා යළි කැඳවන බව සඳහන්.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago