Local

ජනපතිගේ ඉල්ලීම රේගුව ඉවත දමයි ?

ශ්‍රී ලංකා රේගුව රඳවාගෙන තිබෙන වාහන ඇතුළු භාණ්ඩ සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලු අධ්‍යයනය කර සති තුනක් ඇතුළත ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ඉල්ලා අද (07) ට මාස දෙකක් ගතවී ඇතත් අදාළ අමාත්‍ය කමිටුවට එම වාර්තාව සකස් කිරීමට නොහැකි වී තිබෙනවා.

අදාළ වාර්තාව මෙතෙක් අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ඉදිරිපත් කර නැතැයි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතින් කළ විමසීමකදී එහි ජේ‍යෂ්ඨ සහකාර ලේකම් ඩබ්ලිව්. කේ. වීරවර්ධන මහතා පුවත්පතකට පැවසුවා.

“ශ්‍රී ලංකා රේගුව රඳවාගෙන තිබෙන භාණ්ඩවලට අදාළව පවතින ගැටලු අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් පත්කිරීම” මැයෙන් 2023.02.24 දාතමයෙන් යුතුව ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සටහනෙන් රේගුවේ රඳවා ඇති භාණ්ඩවලට අදාළව පවත්වනු ලබන පරීක්ෂණ හා විමර්ශන කඩිනම් කිරීම සඳහා එම කරුණු අධ්‍යයනය කර අවශ්‍ය වන්නේ නම් රේගු ආඥාපනතට සිදු කළ යුතු සංශෝධන හදුනාගෙන ඒ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය කමිටුවක් පත්කරන්නට තීරණය කර තිබෙනවා.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම අමාත්‍ය කමිටුවෙහි වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා හා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය මහතා හා ශෙහාන් සේමසිංහ මහතා සාමාජිකයෝ වෙනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රකාශකයෙක් පැවැසුවේ මෙම ගැටලුව පදනම් කරගෙන හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාද විමර්ශන කමිටුවක් පත්කර ඇති බවයි.

ඒ අනුව අදාළ වාර්තාවද පරිශීලනය කර මෙම කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago