Local

පළාත් හතරක ආණ්ඩුකාරවරුන්ට විශේෂ දැනුම් දීමක් !

සබරගමුව, ඌව, උතුරු හා නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම්දී තිබේ.

ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, ජනාධිපතිවරයෙකු ඉවත් වූ විට ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීම සාමාන්‍ය සම්ප්‍රදායක් බවයි.

එය අග්‍රාමාත්‍යවරයා ඉවත් වූ විට අමාත්‍ය මණ්ඩලය අහෝසිවීම හා සමාන බව ඔහු පෙන්වා දෙයි.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වී මාස කිහිපයක් ගත වී ඇතත් එම ආණ්ඩුකාරවරුන් ධුරවලින් ඉල්ලා අස් වී නොමැති බව ප්‍රකාශ කර ඇත.

මෙම ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් වූ පසු නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කරනු ඇති.

ඇතැම් ආණ්ඩුකාරවරුන් ඉවත් කරන ලෙස එම පළාත්වල මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි ද ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ ය.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago