Foreign

තුන්වෙනි චාල්ස් රජු ඔටුණු පළඳි – රාජාභිෂේකයේ වීඩියෝ දර්ශන මෙන්න (VIDEO)

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකය අද පස්වරුවේ සිදු කරනු ලැබුවා.

ඒ වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේදීයි.

මෙහිදී චාල්ස් රජු සහ රජ මෙහෙසිය වන කැමිලා බිසව ද කිරුළු පැලදීම සිදු කෙරුණා.

ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.00ට තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකය ආරම්භ වූ අතර බීබීසී පුවත් සේවය වාර්තා කළේ හැරී කුමරු, දේශපාලඥයින්, ප්‍රසිද්ධ පුද්ගලයින්, ආගමික නායකයින් හා පොදු රාජ්‍ය මණ්ඩලයීය නායකයන් එම පිරිස අතර වූ බවයි.

රාජාභිෂේක උත්සවය පැවති වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත චාල්ස් රජු සහ කැමිලා බිසව බකිංහැම් මාලිගයේ සිට පැමිණියේ විශේෂ රාජකීය පෙරහරකින්.

රජු සහ රැජින එම රාජකීය පෙරහරේ පැමිණීමට යොදා ගෙන තිබුණේ දෙවන එලිසබෙත් රැජින විසින් භාවිත කළ රැජිනගේ දියමන්ති ජුබිලි අශ්ව කරත්තයයි.

වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත පැමිණෙන මග දෙපස රැස්වූ විශාල ජනකායක් චාල්ස් රජු සහ කැමිලා බිසවට සුබ පැතුම් එක් කළා. රාජාභිෂේකය පැවැත්වෙන දේවස්ථානයට පැමිණි පසු චාල්ස් රජු එඩ්වඩ් රජුගේ අසුන යනුවෙන් හදුන්වා ඇති විශේෂ රාජාභිෂේක පුටුවෙහි අසුන් ගත් අතර එය සියවස් ගණනාවක් ඉපැරණි කැටයම් සහිත ලී පුටුවක් වීම විශේෂත්වයක්.

රාජකීයයන් කිරුළු පැළදීමේදී අසුන් ගැනීමට මෙම පුටුව යොදා ගැනීම බ්‍රිතාන්‍ය සම්ප්‍රදායයි.

මෙම පුටුව පළමු වරට භාවිත කරනු ලැබුවේ 1296 වසරේදී පළමුවැනි එඩ්වඩ් රජු විසින්.

කිරුළු පැළදීමේ දර්ශන පහතින්,

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago