ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවෙක් අභිරහස් ලෙස මියගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලරූසයේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකි.
ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන තිශාන් කුලරත්න මියයන විට 24 හැවිරිදි වියේ පසුවිය.
බෙලරූසයේ ග්‍රොඩ්නෝ වෛද්‍ය විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇත.
සිසුවාගේ සිරුර නේවාසිකාගාරයේ ඔහුගේ කාමරයේ තිබී පසුගිය 30 වනදා හමුවී ඇති බව වාර්තා වෙයි.
මෙම සිසුවා පළමු වසර දෙවන වසර සහ තුන්වන වසරවල එම වෛද්‍ය විද්‍යාලයේ දක්ෂතම සිසුවාට හිමි සම්මානය හිමිකරගැනීමට සමත්ව තිබීම ද විශේෂත්වයකි.
එරට පොලීසිය එම මරණය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…