සුපිරි පාපන්දු ක්රීඩක ලයනල් මෙසී වෙත සති දෙකක තරග තහනමක් සහ වැටුප් කප්පාදුවක් ලබා දීමට පැරිස් සේන්ට් ජර්මෙයින් (PSG) පාපන්දු සමාජයේ බලධාරින් තීරණය කර තිබෙනවා. ඒ පාපන්දු සමාජයේ බලධාරින් දැනුම්වත් නොකර සෞදි අරාබියේ දින දෙකක සංචාරයක නිරතවීම නිමිති කොට ගෙනයි.
ඒ අනුව ප්රංශයේ ප්රධානම පාපන්දු තරගාවලිය වන ලීග් 1 හි ලකුණු සටහනේ මුල් තැන රැඳෙන PSG කණ්ඩායමට තරග දෙකකදි මෙසීගේ සේවය අහිමිවීමට නියමිතයි.
සෞදි අරාබි රජයේ සංචාරක ප්රවර්ධන තානාපතිවරයකු ලෙසද සේවය කරන මෙසී 2021 වසරේදී ප්රංශයේ ප්රධානම පාපන්දු සමාජය වන PSG පාපන්දු කණ්ඩායම සමග වසර 2කට ගිවිසුම්ගත වන අතර මෙසීගේ තරග කොන්ත්රාත්තුව අලුත් නොකිරීමට PSG බලධාරින් තීරණය කර ඇති බවටද වාර්තා වනවා.
මෙසීගේ සේවය නැවතත් ස්පාඤ්ඤයේ බාසිලෝනා කණ්ඩායම වෙත ලබාගැනීමට බාසිලෝනා බලධාරින් උත්සාහ කරමින් සිටින අතර සෞදි ආරාබියේ අල් හිලාල් පාපන්දු සමාජය ද ස්ටර්ලිං පවුම් මිලියන 400කට මෙසීගේ සේවය වසරක් සඳහා තම කණ්ඩායම වෙත ලබාගැනීමට සූදානමින් සිටින බවත් පැවසෙනවා