හවසට වැස්ස – අද දවසේ කාලගුණ වාර්තාව මෙන්න !

188 Views
1 Min Read

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකිය.

බස්නාහිර සහ දකුණු පළාත්වල සහ යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ වාර්තාව පෙන්වා දෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share This Article
Leave a comment