Local

කොළඹ වරායේ වෙඩි තැබීමක්, කාන්තාවන් 04ක් ඇතුළු 09ක් රෝහලේ – අයෙකුට අසාධ්‍යයි !

කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවන් 04ක් ඇතුළු 09 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වෙළෙබඩ පොලිසිය පවසයි.

පොලීසිය පැවසුවේ කොළඹ වරාය හරහා ඉදිවන අධිවේගී මාර්ගයේ භාණ්ඩ ගබඩාවකින් යකඩ සොරකම් කිරීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට යෑමේ දී අසල පදිංචිකරුවන් එම සිද්ධියට මැදිහත් වීමෙන් උණුසුම් තත්තවයක් ඇති වී තිබුණු බව පොලිසිය පවසයි.

එම අවස්ථාවේ දී වැඩබිමක සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි හෙළි වී තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ බ්ලූමැන්ඩල් වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසකි. ඒ අතර කාන්තාවන් සිවු දෙනෙක්ද සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

බහින්බස් වීම අතර  පෞද්ගලික ආරක්ෂක අංශය සතුව තිබූ ගිනි අවියක් උදුරාගැනීමට යාමත් සමඟ මෙම පෞද්ගලික ආරක්ෂක නිලධාරියා වෙඩි තැබිම සිදුකර ඇත.වෙඩි වැදුණු එක් පුද්ගලයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව  විමර්ශන අංශ කියයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

9 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago