Local

සුඩානයෙන් මුදාගත් ලාංකිකයින් 14දෙනෙක් ලංකාවට !

සුඩානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එරට රැඳීසිටියදී මුදාගත් ශ්‍රී ලාංකිකයින් 14දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

එම පිරිස ඊයේ (29) කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ඔවුන් පිළිගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරින් ද පැමිණ සිටි බව වාර්තා වෙයි.

විදේශ අමාත්‍යංශයේ සම්බන්ධතාව මත සෞදි රජයේ සහයෝගයෙන් අදාළ පිරිස මුදාගැනීමට හැකිවී තිබේ.

සුඩානයේ හමුදාව සහ තවත් සන්නද්ධ කණ්ඩායමක් අතර පවතින ගැටුම් මේ වන විට දරුණු තත්ත්වයක් බවට පත්ව ඇති බව වාර්තා වෙයි.

මේ අතර සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් මුදාගත් දෙවන කණ්ඩායම සෞදි අරාබියේ ජෙඩා නුවර වෙත රැගෙනවිත් තිබේ.

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ මුදාගත් දෙවන කණ්ඩායමට ශ්‍රී ලාංකිකයින් 6දෙනෙකු ඇතුළත් බවය.

සුඩානයේ නීත්‍යනුකූල නොවන සන්නද්ධ හමුදා කණ්ඩායම් සහ සුඩාන රාජ්‍ය හමුදාව අතර ගැටුම් ආරම්භ වී මේ වන විට සති දෙකක කාලයක් ගත වී තිබේ.

අවස්ථා කිහිපයක දී සටන් විරාම නිවේදනය කළ ද එරට කාර්ටුම් අගනුවර ඇතුළු නගර කිහිපයක දියත් වන ගැටුම් අඛණ්ඩව ක්‍රියාත්මකය.

ප්‍රචණ්ඩකාරී ගැටුම්වලින් මේ වනවිට 500කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර තුවාල ලබා ඇති පිරිස 4000ට අධික බව වාර්තා වෙයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago