ගැටුමක් හේතුවෙන් පහරකෑමට ලක්වී අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ 24 හැවිරිදි තරුණයෙක් රෝහල තුළ ප්‍රතිකාර ගනිමින් සිටියදි අද (28) අළුයම නාඳුනන ඝාතකයෙක් කපා කොටා ඝාතනය කර තිබේ.
ඝාතකයා තරුණයාගේ ගෙල කපා පාදයකට ද කොටා පළා ගොස් ඇති බව පොලිසිය කියයි.
මැදවච්චිය, මන්නාරම් හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඝාතනයට ලක් වූ තරුණයා ඊයේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත්තේ පුද්ගලයින් කීප දෙනෙකුගේ පහරකෑමට ලක්වීම හේතුවෙනි.
ඊයේ සවස රෝහලේ 11 වැනි වාට්ටුවට ඇතුළත් කළ මෙම තරුණයා පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහලේ මහාචාර්ය ඒකකයේ ශල්‍ය වාට්ටුව වන 66 වැනි වාට්ටුවට ඇතුළත් කර තිබේ.
රෝහල් කාර්ය මණ්ඩලය වහාම මෙම තරුණයාව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළත් ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…