මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ මන්දගාමී දුම්රියක ගැටී පාසල් සිසුවියක් මියගොස් තිබේ.
ඊයේ (25) මාතර, නුපේ රේල් ගේට්ටුවත් පඹුරණ දුම්රිය ස්ථානයත් අතර දී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
එසේ මියගොස් ඇත්තේ, 15 හැවිරිදි බෙන්තොටගෙවත්ත, හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි.
මරණකාරිය තවත් මිතුරියන් තිදෙනෙකු සමග සාදයකට ගොස් පා ගමනින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී අනතුරට පත්ව ඇත.
මෘත ශරීරය මාතර රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…