විදුලිය ඇනහිට තිබූ ප්‍රදේශ කිහිපයකට මේ වනවිට විදුලි සැපයුම යළි ලබාදීමට පියවර ගෙන ඇත.
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.
අදාළ ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ කොළඹ 4,5 සහ 7 ප්‍රදේශවලට මෙලෙස විදුලි සැපයුම යථාතත්ත්වයට පත්කර ඇති බවය.
අද පස්වරුවේ කොලොන්නාව උප බලාගාරයේ සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම ඇනහිට තිබේ.
කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ කොළඹ 08,10 සහ 12 ප්‍රදේශවල මේ තවදුරටත් විදුලිය ඇනහිට ඇති බවය.