Local

හෙල්මට් චන්ඩින්ව භාරව සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් !

පසුගිය පෙබරවාරි 14 දා වැලිපැන්න, ගල්මත්ත ප්‍රදේශයේ පටු මාර්ගයකදී යතුරුපැදි හෙල්මට්වලින් පහරදී 34 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීමට අදාලව මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත මාකොළ ළමා නිවාසයේ රඳවා සිටි සැකකාර දරුවන් තිදෙනා භාරව සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ.
අනාරක්ෂිතව අධික වේගයෙන් යතුරුපැදි ධාවනය නොකරන ලෙස කළ අවවාදයකට උරණ වී මෙම පාසල් සිසුන් තිදෙනා හෙල්මට්වලින් පහර දී ඝාතනය කර තිබුණ් රංග විරාජ් නැමැති 34 හැවිරිදි එක් දරු පියෙකි.

මෙම නඩුව පසුගිය අප්‍රේල් 18 දා යළි කැඳවූ අතර සැකකාර දරුවන් තිදෙනා එම නඩු කටයුත්තෙන් අනතුරුව යළි රැඳවුම් මධ්‍යස්ථානයකට රැගෙන යමින් තිබූ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෑන් රථය මග දී නවත්වා එම දරුවන්ට බඩු භාණ්ඩ පාර්සල් ලබාදීමට පිරිසක් කටයුතු කළ බවට බන්ධනාගාර බුද්ධි අංශය වෙත වීඩියෝ සාක්ෂිද සහිතව ලැබී තිබුණු පැමිණිලලක් මත පදනම්ව මෙම වැඩ තහනම් කිරීම සිදුකර තිබේ.

මෙම භාණ්ඩ ලබා දී ඇත්තේ එම එක් සැකකාර දරුවෙකුගේ මාමා කෙනෙක් බව වාර්තා වේ.

සිද්ධිය නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පවසා සිටින්නේ බන්ධනාගාර බුද්ධි අංශය වෙත ලද වීඩියෝවකට අදාළව එම නිලධාරීන් තිදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව විනය පරීක්ෂණයකට යටත්ව එම තීරණය ගත් බවය.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද චන්දන ඒකනායක අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු වැඩතහනම් කළ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කර ඇත.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago