අද (23) අලුයම මිරිහාන පොලිස් වසමේ ගල්වල පාර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ, එම පහරදීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවය. බරපතළ තුවාල ලැබීමෙන් මියගොස් ඇත්තේ, 34 හැවිරිදි සජිත් මධුසංක නැමති එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
තුවාල ලැබූ 53 හැවිරිදි මුරමුදලිගේ රත්නායක බන්දුල නැමති දෙනියාය ප්‍රදේශයේ පදිංචිකරු මියගිය පුද්ගලයාගේ ඥාතියෙක් වන බව පොලීසිය පැවසීය.
සැකකරු එම අපරාධයෙන් පසු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
කෙසේවෙතත් සැකකරු මරණකරුගේ ඥාතියෙක් බවත් දෙපාර්ශවය අතර ඇති වු බහින්බස් වීමක් හේතුවෙන් පිහි ඇනුම සිදුකර ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇත.
පානදුර ආරච්චිගේ වාසනා විපුල පෙරේරා නැමති සැකකරුව අත්අඩංගුවට ගැනීමට මේ වනවිට පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…