අරගලය දා පිච්චූ සීතාගේ වාහනය වෙනුවට අලුත් වාහනයක් !

241 Views
1 Min Read

අරගල අවස්ථාවේ දී දේපල විනාශ වූ මන්ත්‍රීවරුන් අතරින් සීතා අරඹෙපොලට පමණක් මෝටර් රථයක් ලබා දීමට රජයේ සූදානමක් පවතින බව වාර්තා වීමත් සමග පොහොට්ටු මන්ත්‍රීවරුන් අතර බරපතල නොසන්සුන්තාවයක් මතුව ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් පැවසුවේ අරගල අවස්ථාවේ දී ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන නියෝජිතයින් ඇතුළු සියයකට වැඩි පිරිසකගේ වාහන නිවාසහ ඇතුළු දේපල හානි වූ බවය.

ඒ මන්ත්‍රීවරුන් කිසිවෙකුටත් කිසිදු වන්දියක් තවමත් ලැබී නොමැති පසුබිමක සීතා අරඹෙපොලට පමණක් මෙසේ වාහනයක් ලබා දීමට යෑම බරපතල අසාධාරණයක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

Share This Article
Leave a comment