Local

සමේ රෝග ගැන වෛද්‍යවරුන්ගෙන් පණිවිඩයක් !

උෂ්ණාධික තත්ත්වයෙන් දරුවන්ට සිදුවන අහිතකර බලපෑමෙන් වළක්වා ගැනීම සඳහා දෙමව්පියන් අවධානය යොමු කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

වැඩිපුර දියර භාවිතය මගින් උෂ්ණාධික කාලගුණයෙන් ඇති වන සංකූලතා අවම කර ගත හැකි බව ඔහු පවසයි.

එමෙන්ම මේ දිනවල චර්ම රෝගවල වැඩිවීමක් දක්නට ලැබෙන බවත් කුඩාම දරුවන් වුවත් දිනකට දෙසැරයක් නෑවිම සුදුසු බවත් වෛද්‍යවරයා පැවසීය.

“රෝග ලක්ෂණ විදියට මහන්සිය, නිදිමත ගතිය, ඇඟපත රිදෙන එක, සමහර අයට වමනය යන්න එනවා ඒ වගේ රෝග ලක්ෂණ කිහිපයක් ඇති වෙනවා. ඊට අමතරව දරුවන් සහ අපි වැඩිපුර ජලය සහ ලවණ ගත්තේ නැත්නම් වැඩිපුර දාඩිය දැමීම නිසා තාප කම්පන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් අපිට වළක්වා ගන්න පුළුවන් වැඩිපුර දියර ආහාර ගන්න. ස්වභාවික දියර තමා අපි කියන්නේ, ඒ කියන්නේ ජලය සමග ලවණ තියෙන. ස්වභාවික පලතුරු යුෂ, දෙහි, දොඩම්, නාරං, දෙළුම් වැනි දේවල්, තැඹිලි වතුර, කුරුම්බා වතුර හා ජීවනි වගේ පානයන් අපිට ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ සමේ රෝගත් වැඩිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම දාඩිය බිබිලි අපේ දරුවෝ අතර වැඩිවෙලා. දද වගේ දේවල්වලත් වැඩිවීමක් තියෙනවා. ඒ නිසා දරුවන්ට විනාඩි 20ක් විතර වතුරේ ඉන්න දෙන්න. පුංචිම දරුවෙක් වුණත් දවසට දෙසැරයක් නාන්න. ඒ තුළින් හමේ ඇති වෙන සංකූලතා අවම කරගන්න පුළුවන්.”

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago