පාස්කු ප්‍රහාරයේ මහ මුරකරු ලෙස සැලකෙන සහරාන් හසීම් නැමැත්තාට අයත් පුත්තලම , වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිධානයක් ගොඩ ගැනීම සඳහා කැණීම් සිදුකරමින් සිටි බව කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අද (19) සැකපිට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිධානය ගොඩගැනීම සඳහා පුද පූජා පවත්වමින් සිටි බව කියන කට්ටඩියා වැටලීම සිදු කළ අවස්ථාවේ පලා ගොස් තිබෙන අතර පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය පරීක්ෂණ පවත්වන බවට වාර්තා වෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ කුරුණෑගල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයෙක් බදුල්ල තල්දෙන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අනෙක් පොලිස් කොස්තාපල්වරයා මූනමල්දෙනිය ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි සඳහන් වන්නේ.
සහරාන් හෂීම්ට අයත් මෙම වත්තේ පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ සඟවා තිබියදී රහස් පොලිසිය විසින් සොයා ගැනීමෙන් අනතුරුව එම වත්තට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් යොදවා ආරක්ෂාව සපයා තිබුණා.
මෙසේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් කණ්ඩායමේ සිටි කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙම කැණීම් කටයුතු සිදුකරමින් සිට ඇතැයි විශේෂ කාර්ය බලකා ආරංචි මාර්ග සඳහන් කරනවා.
සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…
නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…
අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…