2022 මාර්තු30 වැනිදා මෙරට ආරම්භ වූ පොදු ජන අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකරීකයකු වූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න මියගොස් තිබේ.
මරණයට හේතුව තවම වාර්තා වී නොමැති අතර සියදිවි හානි කරගැනීමක් බවට සැක පහළ කරයි.
“හෙට මම තනියම හරි බෝඩ් එකක් උස්සන් පාරට බහිනවා. මේ හුයන්න හරියන්නේ නෑ.පුලුවන් එකෙක් අඩුම තරමේ තමන්ගේ ගේ ඉස්සරහපාරට හරි බැහැපල්ලා.” යනුවෙන් 2022 මාර්තු 29 ඔහු විසින් තැබූ facebook සටහන අරගලය ආරම්භ කිරීමේ ආන්දෝලනාත්මක සටහනක් විය
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක් වූ බුද්ධි ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීති උපාධි ධාරියෙකි. Ceylon Today පුවත්පතේ සේවය කළ තරුණ මාධ්‍ය වේදියෙකි. ජනප්‍රියම වෙබ් අඩවියක්වන Roar LK හි ලේඛකයෙක් ලෙස කටයුතු කළ නිර්මාණකරුවෙකි. ජනප්‍රිය බ්ලොග් රචකයකු මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකරිකයකු ලෙස ජනප්‍රිය වූ තරුණයකි
දින 03කට පෙර ඔහු තැබූ ෆේස් බුක්හි සටහනක් තබන්නේ මෙලෙසිනි.
මිනිහෙක්ට තියෙන්න ඕනේ හරියට ම කවදා ද කියලා තමන් දන්න ඩෙඩ්ලයින් එකක්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම “ඩෙඩ්ලයින්” එකක්. අවම වශයෙන් මට පෞද්ගලිකව හිතෙනවා එහෙම එකක් තියෙන්න ඕනෙ කියලා.
නොවැලැක්විය හැකි හේතුවක් නිසා “හදිසියේ” මිය යන්න සිද්ධ වෙන සම්භාවිතාව ඉවත් කරලා කතාකලෝතින්, මම කැමතියි මිනිස්සු තමන් තීරණය කරන දිනයක, වේලාවක සහ තැනකදී තමන් තෝරාගන්නා ක්‍රමයකට ජීවිතය අවසාන කරන එක සාමාන්‍ය දෙයක් වෙන සමාජයකට සහ ශිෂ්ටාචාරයකට. මට හිතෙනවා ඒ කාරණයෙන් පොදුවේ සමාජයටත් යහපත් බලපෑමක් තියෙනවා කියලා.
අපි අද ජීවත් වෙන සමාජ හර පද්ධතිය ඇතුලේ ඒක අසාමාන්‍ය දෙයක් වුණත්, මීට ශතවර්ශ විසි හයකට කලින් ඒක කරපු කෙනෙක් හිටියා. ඒක කරපු කෙනා ඒක හැඳින්වුයේ ආයුසංස්ඛාරය අත හරිනවා කියලයි. ඒ දේ සමහරවිට අපි ජීවත්වෙන ශිෂ්ටාචාරයේ වත්මන් හර පද්ධතියට ගැලපෙන එකක් නෑ, හැබැයි මට හිතෙනවා අනාගතයේ එහෙම වෙන්න ඉඩ තියෙනවා කියලා.
මම දැන් සැලකිය යුතු කාලයක ඉඳන් ජීවත් වෙන්නේ මගේ ඩෙඩ්ලයින් එකත් එක්ක. ඒ නැතත් යාන්තම් තේරෙන කාලයේ ඉඳන් ම මම හිටියේ මට දිගම දිග ජීවිත කාලයක් ඕනෙ නෑ කියන තැන ම තමයි. මට දැන් ඇති, ඒ ඇති කියන තැනට ආවට පස්සේ ජීවත් වෙන අමතර දවස් කියන්නේ අනවශ්‍ය මහන්සියක් විතරයි. මේ ගෙවීගෙන යන්නේ ජීවිතේ අවසාන මහන්සි සහ කම්මැලි දවස් ටික විය යුතුයි කියලා මම හිතාගෙන ඉන්නවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…