විදුලි බල සැපයීම, ඛනිජ තෙල්, තැපැල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව ජනාධිපති ලේකම්වරයා විසිනි.
ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධයෙන් වන සියලුම සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, තැපැල් සේවය, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම, ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා, වැඩ හෝ ශ්‍රමය එලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබේ.
එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, අදාළ ආයතනවලින් පසයනු ලබන සේවාවන් සමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය බැවින් එම සේවාවල අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැළකිල්ලට ගනිමිනි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
මෙයා ජෝතිටත් වැඩියෙන් ගැසට්, ගහනවා විතරයි කවුරුත් ගනන්ගන්නෙත් නෑ බලෙන් ජනාධිපති වෙලා ඉන්නවා ජනතාව එලවපු මිනිහෙක්.