Local

අයර්ලන්තය හාන්සියි – ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ඉතිහාසයේ දැවැන්තම ජය ලබයි (Match Highlights)

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවති 1 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 280කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය. මෙම අති දැවැන්ත ජයග්‍රහණය ලබා ගත්තේ දින දෙක හමාරක් පමණක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුවය.

පළමු ඉනිමේ ලකුණු 143කට දැවී ගිය අයර්ලන්ත කණ්ඩායම දෙවැනි ඉනිමේ දී ලකුණු 168කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි විය. දෙවැනි ඉනිමේ හොඳම පන්දු යැවීම රමේෂ් මෙන්ඩිස්ගෙනි. ඔහු ලකුණු 76ට කඩුලු 04ක් ලබා ගත්තේය. ප්‍රභාත් ජයසූරිය ලකුණු 56ට කඩුළු 03කි. විශ්ව ප්‍රනාන්දු ලකුණු 03ට කඩුළු 02කි.

ප්‍රභාත් ජයසූරිය තරගයේ ඉනිම දෙකේදීම කඩුළු 10ක් ලැබුවේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිමේ දී ශතක හතරක් සමග කඩුළු 06කට ලකුණු 591ක් ලබාගෙන ඉනිම අත්හිටුවා අයර්ලන්ත කණ්ඩායමට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දුන්නේය. නායක දිමුත් කරුණාරත්න ලකුණු 179ක්, කුසල් මෙණ්ඩිස් ලකුණු 140ක්, දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 102ක්, සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 104ක් ලැබුවේය.

අයර්ලන්ත පළමු ඉනිම ලකුණු 143කට සීමා විය. ප්‍රභාත් ජයසූරිය ලකුණු 52කට කඩුළු 07ක් ලැබුවේය. විශ්ව ප්‍රනාන්දු කඩුළු 2ක් සහ රමේෂ් මෙන්ඩිස් කඩුල්ලක් ලැබුවේය. පළමු ඉනිම වෙනුවෙන් අයර්ලන්තයේ වැඩිම ලකුණු ලාභියා වූයේ කඩුළු රකින ක්‍රීඩක ලෝකන් ටකර්ය.

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 448ක ඉලක්කයක් සහිතව අද උදේ යළිත් වරක් අයර්ලන්ත කණ්ඩායම පිටියට පැමිණියේය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් සියලු දෙනා දැඩි තර්ජනයක් සහිතව පන්දු යැවීමේ නිරතවූහ.

අයර්ලන්ත දෙවැනි ඉනිමත් තේ පානයට පසුව නිමා වූයේය. ඒ ලකුණු 168කට සියලුම දෙනා දැවී යාමෙනි. අයර්ලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් හෙරී ටෙක්ටර් හතරේ පහර 4ක් සමගින් ලකුණු 42ක් රැස් කළේය.

තරඟයේ පළමු දිනයේ විශේෂ අවස්ථා
තරඟයේ දෙවන දිනයේ විශේෂ අවස්ථා
Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago